සිංහල

gov

IMG 9852 copyපොදු ජනතාවගේ සුබ සාධන අරමුණු සාක්ෂාත් කිරීමෙහිලා රාජ්‍ය සේවය වෙත පවතින වගකීම ඉටු කිරීම සඳහා නවීන ‍තාක්ෂණය හා මුසුවීමෙන් කාර්යක්ෂමවූත් ඵලදායීවූත් හා උසස් සේවාවක් ඔබ වෙත ලබා දීමට අපි බැඳී සිටිමු.

එම අරමුණ උදෙසා ශ්‍රී ලංකාවේ අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බල ප්‍රදේශයේ ප්‍රධාන පරිපාලන ආයතනය ‍ලෙස, කෝට්ටේ ජනතාව වෙත ‍මෙම වෙබ් අඩවිය මඟින් සුවිශේෂ සේවාවන් රැසක් සැපයීමට කටයුතු සලසා ඇත.

කෝට්‍‍ටේ නගරයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ මෙන්ම ජනතාවගේ වරිපනම් - ගොඩනැගිලි අයදුම්පත්, ක්‍රීඩාංගණ - උත්සව ශාලා - ආදාහනාගාර වෙන් කරවා ගැනීමේ අයදුම්පත් බාගත කිරීම, සෞඛ්‍ය සායන, ක්‍රීඩා මධ්‍යස්ථාන, පුස්තකාල වැනි අපගේ සේවා මධ්‍යස්ථාන, අපද්‍රව්‍ය කළමනාකරණය සහ දෛනිකව අප ආයතනයෙන් ඉටුකරනු ලබන රාජකාරී හා අදාළ නිලධාරීන් හා සම්බන්ධ වීම පිළිබඳව තොරතුරු ද ප්‍රෞඪ ඉතිහාසයක උරුමකම් දරන ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරවරවයේ ඉතිහාසගත තතු, අගනගරයේ සුවිශේෂී ස්ථාන වැනි වැදගත් තොරතුරු හා සේවාවන් රැසක් ලබා ගැනීමේ හැකියාව ද මෙම වෙබ් අඩවිය හරහා ඔබ වෙත සලසා ඇත්තෙමු.

තාක්ෂණයේ නවමු මං ඔස්සේ ඔබ වෙත විශිෂ්ඨ සේවාවක් සපයමින් ඔබ හා එක්ව අනාගතය‍ට පා ඔසවන්න අප හා එක්වන්න.

 

ආර්. ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය
නාගරික කොමසාරිස් හා
බලතල, කාර්යය, කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරි
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව.