සිංහල

gov

'මිහිකත දිනය' නිමිත්තෙන් පැළ සිටුවීමේ වැඩසටහනක් 2024-04-22 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මේ සඳහා නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික ලේකම් රත්නා වසන්ති වික්‍රමරත්න මහත්මිය, ප්‍රධාන ගණකාධිකාරී කේ. එම්. පී. කුමාර මහතා, සහකාර ගණකාධිකාරී කුමාරසිරි මහතා, නාගරික ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. එස්. දමයන්ති මහත්මිය, සහකාර නාගරික ඉංජිනේරු අජිත් හෙට්ටිආරච්චි මහතා, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මාලින්ද ජයවර්ධන මහතා, නාගරික පශු වෛද්‍ය නිලධාරී රුවිනි එස්. පිඹුරගේ මහත්මිය, නගර නිර්මාණ ශිල්පී කේ. සුගිධරන් මහතා, පරිපාලන නිලධාරී ආර්. ටී. කල්දේරා මහතා, පරිපාලන නිලධාරිනී ඩබ්ලිව්. බී. සුභාෂිණී මහත්මිය හා අභ්‍යන්තර විගණන නිළධාරි ඉෂාර සම්පත් මහතා යන අය සහභාගී වූහ.

WhatsApp Image 2024 04 22 at 54321 AM 1WhatsApp Image 2024 04 22 at 54321 AM 3WhatsApp Image 2024 04 22 at 54321 AM 4WhatsApp Image 2024 04 22 at 54321 AM 6WhatsApp Image 2024 04 22 at 54321 AM 8WhatsApp Image 2024 04 22 at 54321 AM 13

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කෙරෙමින් එමගින් පළකෙරෙන 'ශ්‍රී පුර' මාසික විද්‍යුත් පුවත්පතේ මංගල කලාපය 2023 නොවැම්බර් 15 වැනි දින නිකුත් විය. මෙය මහා නගර සභා මාධ්‍ය ඒකකයේ නිර්මාණාත්මක කාර්යයකි.

බාල විය, යොවුන් විය, මැදි විය, වියපත් විය ගතකරන්නවුන්ගේ ජීවිතවල සුබසාධනය හා සාමාන්‍ය දැනුම වර්ධනය කරවීමට හේතු වන කාරණා සම්බන්ධව දැනුම්වත් කිරීම, ශ්‍රී ජයවර්ධන පුරවරයට උරුම ඓතිහාසික-සංස්කෘතික-සාහිත්‍යයික අගය පිළිබඳ දැනුම්වත් කිරීම තුළින් ඔබ පුරවරය සම්බන්ධව අභිමානයක් ජනිත කරවීම, මහා නගර සභාවෙන් ඉටුවන සේවාවන් විධිමත් කිරීමට ප්‍රජා දායකත්වය ලබාගැනීම හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු පිළිබඳ දැනුම්වත් කිරීම මෙම ප්‍රකාශය එළිදැක්වීමේ මූලික අභිලාෂය වන්නේය.

කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝට්ටේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ කටයුත්ත සඳහා නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික ලේකම් එච්. එම්. දයාරත්න මහතා, නාගරික ගණකාධිකාරී කේ. එම්. පී. කුමාර මහතා, නාගරික ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. එස්. දමයන්ති මහත්මිය, නාගරික පශු වෛද්‍ය නිලධාරී ආචාර්ය රුවිනි එස්. පිඹුරගේ මහත්මිය, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මාලින්ද ජයවර්ධන මහතා, නගර සැලසුම් නිලධාරී කේ. සුගීධරන් මහතා, අභ්‍යන්තර විගණන නිලධාරී කේ. අයි. සම්පත් ද සිල්වා මහතා හා මහා නගර සභා මාධ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය එක්වූහ.

405828052 320754300817080 8548465190659039843 n405796027 320754254150418 259493169959597579 n403167857 320754434150400 5208393051070387532 n405794263 320754767483700 6970044888910875761 n403713983 320754524150391 2457756699226854457 n405782478 320754857483691 197233193003352592 n403134196 320754730817037 749151162077299837 n405811574 320754774150366 2314389217140931224 n

රාජගිරිය ඔබේසේකරපුර සිරි පැරකුම්බා විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල සිසු දරු දැරියන් කණ්ඩායමක් 2023-07-20 වැනි දින රාජගිරිය මධ්‍ය පුස්තකාලයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.

මේ අවස්ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහජන පුස්තකාලයන්හි ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා පුස්තකාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉතා පැහැදිළි අවබෝධයක් දරුවන්හට ලබාදුන්නේය. මේ කටයුත්ත සඳහා ඔහු වෙත මධ්‍ය පුස්තකාලයේ කාර්ය මණ්ඩලයෙන් ඉතාමත් සුහද මට්ටමේ සහයෝගයක් ලැබිණි.

IMG 7291IMG 7294IMG 7301IMG 7308IMG 7309IMG 7311IMG 7335IMG 7339IMG 7353IMG 7397IMG 7404IMG 7414

පරිසරයට මුදාහැරෙන ටින්, කාඩ්බෝඩ්, වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, පොලිතින්, පොල්කටු ආදිය එක්රැස් කරගන්නා ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයක් 2023 ජූලි 29 හා 30 යන දිනවලදී වැලිකඩ පොලිස් ස්ථානයට යාබද භූමියේදී පැවැත්විණි.

කෝට්ටේ ප්‍රදේශයේ පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් ඊට පිළියමක් ලෙසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුත්ත සංවිධානය කෙරිණි.

WhatsApp Image 2023 07 31 at 101211WhatsApp Image 2023 07 31 at 101212WhatsApp Image 2023 07 31 at 101216WhatsApp Image 2023 07 31 at 101217WhatsApp Image 2023 07 31 at 101217 1WhatsApp Image 2023 07 31 at 101220WhatsApp Image 2023 07 31 at 101221WhatsApp Image 2023 07 31 at 101224WhatsApp Image 2023 07 31 at 101220 1

මධ්‍යම රජය වෙතින් ලැබුණු අධිතාක්ෂණික පහසුකම් සහිත ගිනි නිවීම් රථ දෙකක් 2022-12-01 වැනි දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ගිනි නිවීම් හා ජිවිතාරක්ෂක ඒකකය වෙත භාරදෙන ලදී.

මෙම රථ මගින් කෝට්ටේ මහා නගර සභා බල ‍ප්‍රදේශයට පමණක් නොව කොළඹ දිස්ත්‍රික්කයටම සුවිශාල මෙහෙවරක් සැලසෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා කෝට්ටේ ගරු නගරාධිපති අයි. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රීවරුන් වන දුමින්ද සුරේෂ් ජයසුන්දර, ප්‍රසන්න රවීන්ද්‍රලාල්, දමිත පුෂ්පකුමාර යන මහත්වරුන්, නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය, ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු මහතා, සහකාර නාගරික ඉංජිනේරු අජිත් හෙට්ටිආරච්චි මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

අනතුරුව මෙම ගිනි නිවීම් රථ වෙනුවෙන් සෙත් පැතීමේ පින්කමක් කෝට්ටේ ඓතිහාසික රාජ මහා විහාරයේදී එහි විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ මෙහෙයවිමෙන් පැවැත්විණි.

IMG 6945IMG 6952IMG 6956IMG 6958IMG 6985IMG 6989