පුවත්
නුගේගොඩ මහජන පුස්තකාලයේ පාඨක සංසදය පිහිටුවීමේ මංගල රැස්වීම 2022-10-29 වැනි දින එම පුස්තකාලයේදී පැවැත්විණි. පුස්තකාලය හා පාඨක ප්‍රජාව අතර වඩාත් සමීප සබඳතාවක් ගොඩනැංවීම තුළින් ගුණාත්මක පුස්තකාල සේවාවක් සැලසීම මෙම පාඨක සංසදය පිහිටුවීමේ මූලික අරමුණකි.
නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්. එස්. එන්. පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.
ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය
දරුවන් තුළ නිර්මාණශීලීත්වය හා කලා රස වින්දනය වැඩිදියුණු කිරීමේ අරමුණින් අත්කම් නිර්මාණකරණය හා ගීත රස වින්දනය පිළිබඳ වැඩමුලුවක් 2022-10-30 වැනි දින බැද්දගාන මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
බැද්දගාන මහජන පුස්තකාලයාධිපතිනී මංජුලා පීරිස් මහත්මියගේ අදහසක් අනුව ක්‍රියාවට නැංවුණු මේ වැඩමුලුව අරුණි උස්ගොඩ ගුරු මහත්මිය විසින් මෙහෙයවනු ලැබිණි.
මේ අවස්ථාව සඳහා ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මහතා, කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා හා බැද්දගාන මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය එක්වූහ.
ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය
බැද්දගාන මහජන පුස්තකාලය විසින් දරුවන් තුළ කියවීමේ රුචිය හා සාහිත්‍ය රසාස්වාදය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් 2022-10-23 වැනි දින බැද්දගාන මැලිබන් ආරාම විහාරස්ථානයේදී පැවැත්විණි. බැද්දගාන මහජන පුස්තකාලයාධිපති මංජුලා පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මැතිතුමා, කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා හා බැද්දගාන මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය
දරුවන් තුළ කියවීමේ රුචිය හා සාහිත්‍ය රසාස්වාදය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් 2022-10-23 වැනි දින නුගේගොඩ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
සාහිත්‍ය මාසය වෙනුවෙන් පැවැත්වුණු මේ වැඩමුළුව සඳහා සිතියමක් කියවීම‚ ශබ්ද කෝෂයකින් වචනයක් සොයාගැනීම‚ ගීත රසවින්දනය ඇතුළු අංගයන් ඇතුළත් විය.
නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්.එස්.එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙය පැවැත්විණි. මේ අවස්ථාව සඳහා කඩුවෙල මහජන පුස්තකාලයාධිපතිනි ජේ.ඊ.එ.එම්.එස්. ජයසිංහ මහත්මිය හා නුගේගොඩ මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
ජායාරූප-මහා නගර සභා මාධ්‍ය ඒකකය
පාසල් දරු දැරියන් තුළ පොත් පත් කියවීමේ රුචිය වර්ධනය කරවීමේ හා සාහිත්‍ය රසවින්දනයට යොමු කරවීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් හා ජංගම පුස්තකාල සේවාවක් 2022-10-13 වැනි දින රාජගිරිය ඔබේසේකරපුර පැරකුම්බා විද්‍යාලයේදී පැවැත්විණි.
රාජගිරිය මධ්‍ය පුස්තකාලය විසින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව මෙහෙයවන ලද්දේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා විසිනි.
මේ අවස්ථාව සඳහා කෝට්ටේ මහා නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මැතිතුමා, මෙම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා රාජගිරිය මධ්‍ය පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.