සිංහල

gov

බැද්දගාන මහජන පුස්තකාලයේ ස්වයංක්‍රීයකරණ සේවාව පාඨක අයිතියට පැවරීමේ සමාරම්භක උත්සවය 2022 ඔක්තෝබර් 06 වැනි දින එම පුස්තකාලයේදී පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මැතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික ලේකම් ගීතානී ඩී. ලොකුවැල්ල මහත්මිය, නාගරික ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. එස්. දමයන්ති මහත්මිය සහ අජිත් හෙට්ටිආරච්චි මහතා, ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා සහ මහජන පුස්තකාලයාධිපතිවරුන් සහ මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය

IMG 5704IMG 5718IMG 5721IMG 5816IMG 5819IMG 5830IMG 5834IMG 5843IMG 5851

වර්ථමානයේදි ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසින් උද්ගතව ඇති ආහාර අර්බුදය ජයගැනීමේ පියවරක් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව මගින් එම පරිශ්‍රය තුළ, එහි සේවක ශ්‍රම දායකත්වය ඵලදායකව යොදා ගනිමින් සාර්ථක මට්ටමේ ආහාර බෝග වගා ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත.

කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිතුමාගේ සංකල්පයකට අනුව ඇරඹි ‘අහරින් සපිරි කොලොම්තොටක්’ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

photo a4 copy

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනයක් හා පූර්ව පිළිකා හඳුනාගැනීමේ සායනයක් 2022 සැප්තැම්බර් 09 වැනි දින නාවල කොස්වත්ත සිරි සිදත්ථාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, වැලිකඩ පොලිස් ස්ථානාධිපතිතුමා, කෝට්ටේ නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු මහතා හා ගරු නාගරික මන්ත්‍රීවරු පිරිසක් එක්වූහ.

ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය

PicturePicture 02

ලෝක ජලභිතිකා දිනය නිමිති කරගෙන වන්ධ්‍යාකරණ සුනඛයින් හා බළලුන් සඳහා සැත්කම් කිරීමේ සායනයක් 2022 සැප්තැම්බර් 28 වන දින කෝට්ටේ මහා නගර සභා පරි‍ශ්‍රෙයේදී පැවැත්විණි. මෙම වැඩසටහන නාගරික පශු වෛද්‍ය නිලධාරිනී රුවිනි එම්. එස්. පිඹුරගේ මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරිණි.

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ එක් පියවරක් ලෙස, මිනිසා සමග වඩාත් සමීප සබඳතා දක්වන සත්ව කාණ්ඩයන් ලෙස සුනඛයින්ගේ හා  බළලුන්ගේ බෝවීම පාලනය කළයුතු බව විද්‍යාත්මක නිගමනය වී තිබේ. මෙම තත්ත්වය ඇතිකිරීමේ එක් පියවරක් ලෙස, කෝට්ටේ අගනගරයෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම සායනය සංවිධානය කළ බව නාගරික පශු වෛද්‍ය නිලධාරීනිය පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු මහතා ද එක්විය.

ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය

IMG 5505IMG 5506IMG 5509IMG 5512IMG 5514IMG 5517

රාජගිරිය මධ්‍ය පුස්තකාලය විසින් සංවිධානය කරන ලද ජංගම පුස්තකාල සේවාවක් 2022-08-20 වැනි දින රාජගිරියේ වික්ටෝරියා නිවාසයේදී පැවැත්විණි.

එම නිවාසයේ නේවාසිකව ප්‍රතිකාර ලබන අය තුළ කියවීමේ රුචිය වර්ධනය කරවීම හා සාහිත්‍ය රසවින්දනය ඇතිකරවීම වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කළ බව කෝට්ටේ මහා නගර සභා සීමාවට අයත් මහජන පුස්තකාලයන්හි ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා රාජගිරිය මධ්‍ය පුස්තකාලයේ කාර්ය මණ්ඩලය එක්විය.

FotoJetFotoJet 1