සිංහල

gov

පාසල් දරුවන් පොත පත කියවීම කෙරෙහි යොමුකරවීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් 2022 මාර්තු 31 වැනි දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේදී එහි ප්‍රාථමික අංශයේ සිසුන් ඉලක්ක කරගෙන පැවැත්විණි.

මෙය සංවිධානය කරන ලද්දේ කෝට්ටේ මහා නගර සභාවට අනුබද්ධිත රාජගිරිය මධ්‍ය පුස්තකාලය විසිනි. ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා විසින් මෙම කඳවුර මෙහෙයවන ලදී.

මේ අවස්ථාව සඳහා විදුහල්පති ඩි.ඒ.ඩී. වානගුරු මහතා, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, රාජගිරිය මධ්‍ය පුස්තකාල කාර්ය මණ්ඩලය, කෝට්ටේ ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

FotoJetFotoJet 1

කෝට්ටේ මහා නගර සභාව මගින් පාලනය වන රාජගිරියේ, රාජගිරිය උද්‍යාන පාරේ පිහිටි කිඩ්ස් වෙන්චර් පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා දරුවන් බඳවාගැනීම හා එහි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය 2022 මාර්තු 14 වැනි දින පැවැත්වුණි.


මේ අවස්ථාව සඳහා කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රීවරුන් වන ඩෙන්සිල් පද්මසිරි, හෙන්රි අමරසිංහ, ප්‍රභාද් තුෂාර යන මහත්වරුන්, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික ලේකම් ඩී. පී. එච්. සමරවික්‍රම මහත්මිය, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ‍වෛද්‍ය මනෝජ් රුද්‍රිගු, සහකාර නාගරික ඉංජිනේරු අජිත් හෙට්ටිආරච්චි මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

FotoJetFotoJet 1

කෝට්ටේ මහා නගර සභාවට අනුබද්ධිත උඩහමුල්ල මහජන පුස්තකාලයේ ස්වයංක්‍රියකරණ ව්‍යාපෘතිය පාඨක අයිතියට පැවරීමේ උත්සවය 2022 පෙබරවාරි 24 වැනි දින එම පුස්තකාලයේදී පැවැත්විණි.

මේ අවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ මැතිතුමා, ඩෙන්සිල් පද්මසිරි, දමිත පුෂ්පකුමාර, අසේල චාමින්ද පෙරේරා යන ගරු නාගරික මන්ත්‍රීවරුන්, නීෂා වසන්ති ගරු නාගරික මන්ත්‍රීවරිය, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික ලේකම් ඩී. පී. එච්. සමරවික්‍රම මහත්මිය, ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා, නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එන්. එස්. පෙරේරා මහතා, රාජගිරිය හා බැද්දගාන පුස්තකාලවල කාර්යමණ්ඩල සාමාජිකයන් ඇතුලු මහා නගර සභා නිලධාරී පිරිසක් එක්වූහ.

FotoJetFotoJet 2FotoJet 3

ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගනිමින් කෝට්ටේ මහා නගර සභාවේ සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරුණු වෛද්‍ය සායනයක් 2022 මාර්තු 08 වැනි දින කෝට්ටේ මහා නගර සභාවේදී පැවැත්විණි.

කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා විසින් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සායනය පැවැත්විණි.

මෙම සායනයේදී කොවිඩ් මර්ධන තුන්වැනි මාත්‍රාව ලබාදීම ද සිදුකෙරිණි. මෙහි සමාරම්භක අවස්ථාව වෙනුවෙන් ‍කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මැතිතුමා, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය හා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

FotoJet 5FotoJet 1FotoJet 2

ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අය වැය යෝජනාවකට අනුව ක්‍රියාවට නැංවුණු "අය වැයෙන් වැඩ ලක්ෂයක්" ව්‍යාපෘතිය යටතේ කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමාගේ මූලිකත්වයෙන් 2022 පෙබරවාරි 03 වැනි දින ඇතුල්කෝට්ටේ බැද්දගානේදී ව්‍යාපෘති කිහිපයක් ආරම්භ විය. බැද්දගාන ප්‍ර‍දේශයේ ස්වයං රැකියාලාභීන් 26 දෙනෙකු වෙනුවෙන් තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ප්‍රදානය කිරීම හා මහජන සේවාවන් සැලසීම පහසු වන ආකාරයට බැද්දගාන සේවා පියස නවීකරණය කිරීම ඒ අතර විය.

IMG 3476IMG 3488IMG 3490IMG 3513IMG 3517IMG 3528IMG 3536