සිංහල

gov

රාජගිරිය - මධ්‍ය පුස්තකාලය විසින් සංවිධානය කරන ලද පුස්තකාල සාමාජික ප්‍රවර්ධන වැඩසටහන, ජංගම පුස්තකාල සේවය හා පොත් ප්‍රදර්ශනය මොරගස්මුල්ල කියවීම් ශාලාවේදී 2022 පෙබරවාරි 05 වැනි දින ප.ව. 02.00 ට පවත්වන ලදී.

IMG 1463IMG 1465IMG 1469IMG 1474

කෝට්ටේ මහා නගර සභාව මගින් ඉදිකෙරුණු ළමා ක්‍රීඩාංගණයක් 2021 පෙබරවාරි 02 වැනි දින රාජගිරිය, ඔබේසේකරපුර නානායක්කාර මාවතේදී විවෘත කෙරිණි. මෙය නාගරික මන්ත්‍රී ප්‍රභාද් තුෂාර මැතිතුමාගේ යෝජනාවක ප්‍රතිඵලයකි.

මෙය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ප්‍රභාද් තුෂාර මැතිතුමා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවිර මහත්මිය, සහකාර නාගරික ඉංජිනේරු අජිත් හෙට්ටිආරච්චි මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

IMG 3405IMG 3433IMG 3437 copyIMG 3450

රාජගිරිය “හීන් ඇළ” දෙපස  ප්‍රදේශයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් 2022 ජනවාරි 27 වැනි දින පැවැත්විණි. මෙය පරිසර අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෝට්ටේ මහා නගර සභාව හා කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සිදුකෙරේ.

“හුස්ම දෙන තුරු” නම් වූ මේ වැඩසටහන යටතේ  රුක්අත්තන, දියමිදෙල්ල, ගොඩපර, ගල්කරද වැනි ජලය ආශ්‍රිත තෙත් බිම්වලට යෝග්‍ය වන පැළ 1500 ක් ජාතික මට්ටමින් රෝපණය කිරීමට නියමිතය.

මේ වැටසටහනේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු  නාගරික මන්ත්‍රීවරුන් වන නීතිඥ සමන්ත ජේ. පීරිස් හා ප්‍රභාද් තුෂාර මහත්වරුන්, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

IMG 3323IMG 3336IMG 3343IMG 3345IMG 3352IMG 3365IMG 3382IMG 3384IMG 3391

කෝට්ටේ මහා නගර සභාවට අයත් මහජන පුස්තකාල පද්ධතිය නවීන තාක්ෂණයට අනුකූලව හැඩගැස්වීමේ පියවරක් ලෙස රාජගිරිය මධ්‍ය පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කිරීමේ සමාරම්භක උත්සවය 2022-01-27 වැනි දින එම පුස්තකාලයේදී සිදුකෙරිණි.

මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරාළ මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික ලේකම් ඩී. පී. එච්. සමරවික්‍රම මහත්මිය, සහකාර නාගරික ඉංජිනේරු අජිත් හෙට්ටිආරච්චි මහතා, කෝට්ටේ මහජන පුස්තකාලයන්හි ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ රාජගිරිය මධ්‍ය පුස්තකාල කාර්ය මණ්ඩලය, කෝට්ටේ මධ්‍ය පුස්තකාලයේ හිටපු පුස්තකාලයාධිපතිවරුන්, කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති වරුණි ගඟබඩආරච්චි මහත්මිය, රුහුණු සොලූෂන් ආයතනයේ තාක්ෂණ නිලධාරී එන්. වෛද්‍යසූරිය මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

මෙහිදී නව පරිගණකගත පුස්තකාල සාමාජික කාඩ්පත් පුස්කකාල සාමාජිකයන් කිහිපදෙනෙකුට සංකේතාත්මකව පිළිගැන්විණි.

IMG 3165IMG 3167IMG 3177IMG 3208IMG 3219IMG 3225IMG 3241IMG 3313

කෝට්ටේ මධ්‍ය පුස්තකාලය විසින් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් සහ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් 2022 ජනවාරි 13 වැනි දින රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයීය ප්‍රාථමික අංශයේදී පැවැත්විණි.

මෙහිදී කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා විසින් සිසු දරු දැරියන් වෙනුවෙන් කියවීමේ අගය වටහාදීමේ දේශනයක් පවත්වන ලදී.

මේ අවස්ථාව සඳහා කෝට්ටේ මහා නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රීවරුන් වන ඩෙන්සිල් පද්මසිරි, ලලිත් අමරසිංහ යන මහත්වරුන් ද නාගරික ලේකම් ඩී. පී. එච්. සමරවික්‍රම මහත්මිය සහ මධ්‍ය පුස්තකාල කාර්යමණ්ඩලය එක්වූහ.

13 reading camp library rajagiriya copy