සිංහල

gov

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රජා මූල බැංකු සංගමය විසින් සංවිධානය කරන ලද "ආදරණීය වෙළෙන්දා" යන තේමාව රැගත් "සමෘද්ධි අභිමානී 2021" අළෙවි පොළ 2021 අප්‍රේල් මස 08 සහ 09 යන දිනවලදී කෝට්ටේ මහා නගර සභා භූමියේදී පැවැත්විණි.

සමෘද්ධිලාභී ව්‍යවසායකයින් හට තම නිෂ්පාදන අළෙවි කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම අළෙවි පොළ සංවිධානය කෙරිණි.

මෙම අළෙවි පොළේ සමාරම්භක අවස්ථාව සඳහා කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, ශ්‍රී ජයවර්ධනපුර සමෘද්ධි බැංකු කලාප කළමනාකාරිනී තරංගනී මහත්මිය, ව්‍යපෘති කළමනාකාර අරුණ ගුණරත්න මහතා, ප්‍රජා මූල බැංකු සමිති අධ්‍යක්ෂිකා රමනී පෙරේරා මහත්මිය, සමෘද්ධි කලාප සහකාර ක්‍රිශාන්ති මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

12561110121522

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2021 මාර්තු 29 වැනි දින ආරම්භ කරන ලද නගර අලංකරණ සහ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන යටතේ 2021 අප්‍රෙල් 06 වැනි දින ඔබේසේකරපුර, රාජගිරිය හා  බැද්දගාන ප්‍රදේශවල ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග පිරිසිදු කෙරිනි.

11131617241 copy

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් 2021 මාර්තු 29 වැනි දින ආරම්භ කළ නගර අලංකරණ සහ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන යටතේ 2021 මාර්තු 31 වැනි දින පාගොඩ සිට නුගේගොඩ, නාවල හා රාජගිරිය හරහා පොල්දූව පාලම දක්වා දිවෙන මාර්ගය සහ අතුරු මාර්ග පිරිසිදු කෙරිණි.

56810111417222528

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා නිලධාරීන් වෙනුවෙන්, කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් 2021 අප්‍රේල් 05 වැනි දින සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණ ප්‍රදානය කෙරිණි.

එම මුව ආවරණ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වෙනුවෙන් එහි සාමාජික කෝට්ටේ නාගරික කොමසාරිස් පී. එල්. එම්. චතුරංග මහතා විසින් කෝට්ටේ මහා නගර සභාවේදී කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා වෙත පරිත්‍යාග කරන ලදී.

134

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මැතිතුමාගේ, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ හා කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමාගේ උපදෙස් මත කෝට්ටේ මහා නගර සභා බල ප්‍රදේශය තුළ දැවැන්ත ශ්‍රමදාන මාලාවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ මූලිකත්වයෙන් 2021 මාර්තු 29 වැනි දින ආරම්භ කෙරිණි.

මේ වැඩසටහනේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අගනගරය වන කෝට්ටේ මහා නගර සභා බල ප්‍රදේශය තුළ නගර අලංකරණය, යටිතල පහසුකම් සංවර්ධනය කර පුරවරය තුළ පිරිසිදු සහ සෞඛ්‍යසම්පන්න වටපිටාවක් ගොඩනැංවීමය.

කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මේ කටයුත්ත සඳහා කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස් පී. එල්. එම්. චතුරංග මහතා, මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා, නුගේගොඩ ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමා, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

3343539414445