පුවත්
‘ජලභීතිකාවෙන් තොර අගනගරයක්’ යන තේමාව යටතේ සංවිධානය කෙරුණු සුනඛ වන්ධ්‍යාකරණ සායනයක් 2022-12-01 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
මෙම වැඩසටහන නාගරික පශු වෛද්‍ය නිලධාරීණී ආචාර්ය රුවිනි එම්. එස්. පිඹුරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙය සත්ත්ව ගහණ පාලන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවිණි.
නුගේගොඩ මහජන පුස්තකාලය හා ගවේෂ ලැබ් ආයතනය ඒකාබද්ධව සංවිධානය කෙරුණු තාක්ෂණික වැඩමුළුවක් 2026-11-26 වැනි දින එම මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
වයස අවුරුදු 10 ට වැඩි දරු දැරියන් වෙනුවෙන් පැවැත්වුණු මෙහිදී විසිතුරු ආලෝක රටා විහිදෙන විදුලි පරිපථයක් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන ලදී. මේ සඳහා දරු දැරියන්ගේ සතුටුදායක සහභාගීත්වයක් දැකගත හැකි විය.
මේ වැඩමුළුව නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්. එස්. එන්. පෙරේරා මහතාගේ යෝජනාවක් අනුව සංවිධානය කෙරිණි.
ඡායාරූප: මහා නගර සභා මාධ්‍ය ඒකකය
තම මහජන පුස්තකාලය පරිහරණය සඳහා පැමිණෙන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් එම ගොඩනැගිල්ලට පිවිසීමේ පහසුකම් සැලසීමට නුගේගොඩ මහජන පුස්තකාලය පියවර ගෙන තිබේ.
මොවුන්ගේ පුස්තකාල අවශ්‍යතා සපුරා ගැනීමට සහාය වීම සඳහා නුගේගොඩ මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සුහදශීලී මෙහෙවරක නිරත වේ.
නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්. එස්. එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ මේ සද්කාර්යයන් ක්‍රියාවට නැංවේ.
ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් නුගේගොඩ මහජන පුස්තකාලය හා එහි පාඨක සමාජය ඒකාබද්ධව සංවිධානය කරන ලද ‘ඉගෙනුමට ඉගෙනුම (Learn to learn)’ නම් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022-11-16 වැනි දින නුගේගොඩ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී, ආචාර්ය කේ. ආර්. එන්. හර්ෂණී මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබිණි.
මෙය නුගේගොඩ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති එම්. එස්. එන්. පෙරේරා මහතාගේ යෝජනාවක් අනුව පැවැත්විණි.
‘පොත් අපේ නෙත් වගේ - ඇස් රැකගෙන පොත් කියවමු’ යන තේමාව යටතේ වූ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් 2022-10-30 වැනි දින රාජගිරිය මධ්‍ය පුස්තකාලයේදී පැවැත්විණි.
මෙහිදී පුස්තකාලයේ පාඨකයින්ගේ ඇස් පරීක්ෂාවට ලක්කෙරිණි. කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම යටතේ මේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
මේ අවස්ථාව සඳහා ගරු නාගරික මන්ත්‍රීවරුන් වන ඩෙන්සිල් පද්මසිරි මහතා හා ඒ. එම්. එච්. පෙරේරා මහතා, කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා හා රාජගිරිය මධ්‍ය පුස්තකාල කාර්ය මණ්ඩලය එක්වූහ.
ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය