සිංහල

gov

කෝට්ටේ හිටපු නගරාධිපති නීතිඥ චන්ද්‍රා සිල්වා මහතාගේ උත්තරීතර සංකල්පයක් අනුව, මහජනතාව ගෙවන බදු මුදලට සැබෑ වටිනාකමක් එක්කරමින් ප්‍රදේශයේ දූ දරුවන් වෙත පාසල් අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණි.

අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබූ “නැණසර අත්වැල 2021” නම් වූ මේ සත්කාර්යයේ මේ වසර සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 28 වැනි දින රාජගිරිය, ඔබේසේකරපුර කොට්ඨාස කාර්යාලයේදී පැවැත්විණි.

ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබමින් ඇරඹි මේ උත්සවයේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ප්‍රභාද් තුෂාර මහතා, නාගරික කොමසාරිස් පී. එල්. එම්. චතුරංග මහතා සභාව ඇමතූහ. අනතුරුව දූ දරුවන් වෙත සංකේතාත්මකව පාසල් අභ්‍යාස පොත් බෙදාදීම සිදුකෙරිණි.

මේ අවස්ථාව සඳහා මහා නගර සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් මෙන්ම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ, ඔබේසේකරපුර, අරුණෝදය මාවත කොට්ඨාස නායක අනුර ජයසේකර යන මහත්වරුද සහභාගී වූහ.

1326272831333435

මීට වසර 20 කට පෙර, කෝට්ටේ හිටපු ගරු නගරාධිපති නීතිඥ චන්ද්‍රා සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදුව බොහෝ කලක් අබලන්ව තිබූ රාජගිරිය, බණ්ඩාරනායකපුර

සෞඛ්‍ය සායනය 'සපිරි ගමක්' වැඩසටහන යටතේ කෝට්ටේ මහා නගර සභාව විසින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කර 2021 පෙබරවාරි මස 27 වන දින ජනතා අයිතියට පත්කෙරිණි.

මේ අවස්ථාව සඳහා කෝට්ටේ හිටපු නගරාධිපති කොළඔ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනවිරත්න මහතා, නුගේගොඩ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී චාන්දනී දෙනගම මහත්මිය, කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මහතා, ගරු නාගරික මන්ත්‍රීවරුන්, කෝට්ටේ නාගරික කොමසාරිස් පී. එල්. එම්. චතුරංග මහතා, කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා ඇතුළු මහා නගර සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් එක්වූහ.

බණ්ඩාරනායකපුර කොට්ඨාසය භාර ගරු නාගරික මන්ත්‍රී ධම්මික චන්ද්‍රකාන්ත මහතාගේ ඉල්ලීමකට අනුව මෙම සෞඛ්‍ය සායනයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉටුකෙරිණි.

22222

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙ දැක්වෙන විදුලි බලය නොමැති අඩු ආදායම් සමෘද්ධිලාභී නිවාස හිමියන්ට නොමිලයේ විදුලි බලය ලබා දීමේ “දැයට එළිය” වැඩසටහන 2021 මාර්තු මස 20 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේදී කෝට්ටේ පුරවරයේ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ක්‍රීයාවට නැංවිණි.

2  27212    

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවත් පිහිටි අතුරු ඇල මාර්ගයට සම්බන්ධ වන ස්ථානය බොහෝ කලක පටන් අවහිර වී අබලන් වී තිබේ.

මේ හේතුවෙන් වැසි කාලවලදී ඇල මාර්ගය හරහා ගලා බසින ජලය පිටාර යාමෙන් ඒ අවට නිවාස ජලයෙන් යටවේ.

මේ ව්‍යසනයෙන් ජනතාව මුදවාගැනීමේ අරමුණෙන් මේ ඇල මාර්ගය පුඵුල් කරමින් අරුණෝදය මාවතේ ශ්‍රී සුබෝධි විහාරය අසල පාලමක් ඉදිකිරීමට නියමිතය. 'හදවත් යාකෙරෙන ගමේ පාලම' ව්‍යාපෘතියේ දායකත්වය හා ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ තාක්ෂණික උපදේශකත්වය ඇතිව කෝට්ටේ මහා නගර සභාව විසින් මේ පාලම ඉදිකරනු ලැබේ.

මේ පාලම සඳහා 2021 මාර්තු මස 14 වැනි දින කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධූර විතානගේ මහතා, කෝට්ටේ ගරු නගරාධිපති අයි.ඒම්.වී ප්‍රේමලාල් මහතා සහ කොට්ඨාසය බාර මන්ත්‍රීවරුන් විසින් මෙම පාලමට මුල් ගල් තබන ලදී. ඒම අවස්ථාවට අනෙකුත් නාගරික මන්ත්‍රීවරුන්ද එක්වූහ.

Bridge

Our revamped official website is launching on 31st January, 2019.

relaunch