සිංහල

gov

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කෙරෙමින් එමගින් පළකෙරෙන 'ශ්‍රී පුර' මාසික විද්‍යුත් පුවත්පතේ මංගල කලාපය 2023 නොවැම්බර් 15 වැනි දින නිකුත් විය. මෙය මහා නගර සභා මාධ්‍ය ඒකකයේ නිර්මාණාත්මක කාර්යයකි.

බාල විය, යොවුන් විය, මැදි විය, වියපත් විය ගතකරන්නවුන්ගේ ජීවිතවල සුබසාධනය හා සාමාන්‍ය දැනුම වර්ධනය කරවීමට හේතු වන කාරණා සම්බන්ධව දැනුම්වත් කිරීම, ශ්‍රී ජයවර්ධන පුරවරයට උරුම ඓතිහාසික-සංස්කෘතික-සාහිත්‍යයික අගය පිළිබඳ දැනුම්වත් කිරීම තුළින් ඔබ පුරවරය සම්බන්ධව අභිමානයක් ජනිත කරවීම, මහා නගර සභාවෙන් ඉටුවන සේවාවන් විධිමත් කිරීමට ප්‍රජා දායකත්වය ලබාගැනීම හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු පිළිබඳ දැනුම්වත් කිරීම මෙම ප්‍රකාශය එළිදැක්වීමේ මූලික අභිලාෂය වන්නේය.

කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝට්ටේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ කටයුත්ත සඳහා නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික ලේකම් එච්. එම්. දයාරත්න මහතා, නාගරික ගණකාධිකාරී කේ. එම්. පී. කුමාර මහතා, නාගරික ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. එස්. දමයන්ති මහත්මිය, නාගරික පශු වෛද්‍ය නිලධාරී ආචාර්ය රුවිනි එස්. පිඹුරගේ මහත්මිය, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මාලින්ද ජයවර්ධන මහතා, නගර සැලසුම් නිලධාරී කේ. සුගීධරන් මහතා, අභ්‍යන්තර විගණන නිලධාරී කේ. අයි. සම්පත් ද සිල්වා මහතා හා මහා නගර සභා මාධ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය එක්වූහ.

405828052 320754300817080 8548465190659039843 n405796027 320754254150418 259493169959597579 n403167857 320754434150400 5208393051070387532 n405794263 320754767483700 6970044888910875761 n403713983 320754524150391 2457756699226854457 n405782478 320754857483691 197233193003352592 n403134196 320754730817037 749151162077299837 n405811574 320754774150366 2314389217140931224 n