සිංහල

gov

Mayour 2ශ්‍රී ලංකාවේ අගනගරය ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පළාත් පාලන බල ප්‍රදේශය තුල බදු ගෙවන ජනතාව වෙත වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මහා නගර සභාව මගින් ඉටුකරනු ලබන සේවාවන් ඊ-තාක්ෂණය මඟින් වඩාත් කඩිනම් සේවාවක් ලෙස ලබාදීම තුළින් විශිෂ්ඨ හා උසස් සේවාවක් සැලසීම සඳහා කෝට්ටේ මහා නගර සභා‍ව නව තාක්ෂණික ක්‍රමෝපායන් වෙත ප්‍රවේශ ‍වීමේ නව පියවර පිළිබඳව ඉතා සතුටින් යුතුව සිහිපත් කරමි.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අවස්ථා වඩා ප්‍රයෝජනවත් පරිදි යොදා ගනිමින් මහජනයාගේ අවශ්‍යතාවන්, ඊට අදාළ කාර්ය පටිපාටීන් හා සම්බන්ධ විය යුතු නිලධාරීන්, තොරතුරු පනත මඟින් තොරතුරු විමසීම, වරිපනම් ගාස්තු ගෙවීම, ගොඩ‍නැගිලි අයදුම්පත් ලබා ගැනීම, ලොව ඕනෑම ස්ථානයක සිට අප හා සම්බන්ධ වෙමින් කෝට්ටේ බල ප්‍රදේශයේ සිදු ‍කරනු ලබන දැවැන්ත සංවර්ධන කටයුතු සඳහා ආයෝජන කිරීමේ වටිනා අවස්ථාවන් උදා කරගැනීමටත් මෙන්ම අනෙකුත් සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ‍දෙමින් ප‍්‍රායෝගික දුෂ්කරතාවන්ගෙන් තොරව වඩා පහසුවෙන් අප වෙත ළඟා වීමේ හැකියාව බදු ගෙවන ජනතාව වෙත මෙම වෙබ් අඩවිය තුළින් සැලසී ඇත.

අනාගත අභියෝගයන් සඳහා නව තාක්ෂණ උපක්‍රම යොදා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අප‍ගේ ඉදිරි අභිලාශය බව සිහිපත් කරමි.

අයි. එම්. වි. ප්‍රේමලාල්
නගරාධිපති