සිංහල

gov

depmayorලොවම එකම විශ්ව ගම්මානයක් වූ 21 වන ශතවර්ෂයේ තොරතුරු තාක්ෂණයේ නව නිම්වළලු සිසාරා සැරිසරමින්, සැනින් ලොව තතු දැක බලා දැනුමෙන් සුපෝෂණය වන්නට ඇති ඉඩ ප්‍රස්ථාව ඵලදායී ලෙස යොදා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව මෙම වෙබ් අඩවිය හරහා මහජනයා‍‍ගේ දෛනික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට කඩිනම් හා උසස් සේවාවක් ලබා දීම සඳහා පියවර ගෙන ඇත.

තාක්ෂණයේ නව ප්‍රවණතා හා අත්වැල් බැඳ ගනිමින් අනාගතයේ දී පොදු මහජනතාවගේ පහසුව පිණිස අපගේ සේවාවන් මෙම වෙබ් අඩවිය හරහා තවදුරටත් වැඩි දියුණුකර අගනගරයෙහි බදු ගෙවන ජනතාව වෙත ලබා දීම අපගේ බලාපොරොත්තුව වේ.

ප්‍රේමලාල් අතුකෝරාළ
නියෝජ්‍ය නගරාධිපති