සිංහල

gov

නුගේගොඩ මහජන පුස්තකාලයේ පාඨක සංසදය පිහිටුවීමේ මංගල රැස්වීම 2022-10-29 වැනි දින එම පුස්තකාලයේදී පැවැත්විණි. පුස්තකාලය හා පාඨක ප්‍රජාව අතර වඩාත් සමීප සබඳතාවක් ගොඩනැංවීම තුළින් ගුණාත්මක පුස්තකාල සේවාවක් සැලසීම මෙම පාඨක සංසදය පිහිටුවීමේ මූලික අරමුණකි.

නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්. එස්. එන්. පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය

1 copy23

දරුවන් තුළ නිර්මාණශීලීත්වය හා කලා රස වින්දනය වැඩිදියුණු කිරීමේ අරමුණින් අත්කම් නිර්මාණකරණය හා ගීත රස වින්දනය පිළිබඳ වැඩමුලුවක් 2022-10-30 වැනි දින බැද්දගාන මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

බැද්දගාන මහජන පුස්තකාලයාධිපතිනී මංජුලා පීරිස් මහත්මියගේ අදහසක් අනුව ක්‍රියාවට නැංවුණු මේ වැඩමුලුව අරුණි උස්ගොඩ ගුරු මහත්මිය විසින් මෙහෙයවනු ලැබිණි.

මේ අවස්ථාව සඳහා ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මහතා, කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා හා බැද්දගාන මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය එක්වූහ.

ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය

WhatsApp Image 2022 11 02 at 084110WhatsApp Image 2022 11 02 at 084113 1WhatsApp Image 2022 11 02 at 084114WhatsApp Image 2022 11 02 at 084119

බැද්දගාන මහජන පුස්තකාලය විසින් දරුවන් තුළ කියවීමේ රුචිය හා සාහිත්‍ය රසාස්වාදය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් 2022-10-23 වැනි දින බැද්දගාන මැලිබන් ආරාම විහාරස්ථානයේදී පැවැත්විණි. බැද්දගාන මහජන පුස්තකාලයාධිපති මංජුලා පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මැතිතුමා, කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා හා බැද්දගාන මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය

IMG 5977IMG 5984IMG 5985IMG 5991IMG 5996IMG 5997IMG 6002IMG 6003IMG 6022IMG 6033IMG 6040IMG 6042

දරුවන් තුළ කියවීමේ රුචිය හා සාහිත්‍ය රසාස්වාදය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් 2022-10-23 වැනි දින නුගේගොඩ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් පැවැත්වුණු මේ වැඩමුළුව සඳහා සිතියමක් කියවීම‚ ශබ්ද කෝෂයකින් වචනයක් සොයාගැනීම‚ ගීත රසවින්දනය ඇතුළු අංගයන් ඇතුළත් විය.

නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්.එස්.එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙය පැවැත්විණි. මේ අවස්ථාව සඳහා කඩුවෙල මහජන පුස්තකාලයාධිපතිනි ජේ.ඊ.එ.එම්.එස්. ජයසිංහ මහත්මිය හා නුගේගොඩ මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ජායාරූප-මහා නගර සභා මාධ්‍ය ඒකකය

IMG 6049IMG 6053IMG 6057IMG 6061IMG 6064IMG 6067IMG 6073IMG 6108IMG 6111IMG 6114

පාසල් දරු දැරියන් තුළ පොත් පත් කියවීමේ රුචිය වර්ධනය කරවීමේ හා සාහිත්‍ය රසවින්දනයට යොමු කරවීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් හා ජංගම පුස්තකාල සේවාවක් 2022-10-13 වැනි දින රාජගිරිය ඔබේසේකරපුර පැරකුම්බා විද්‍යාලයේදී පැවැත්විණි.

රාජගිරිය මධ්‍ය පුස්තකාලය විසින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව මෙහෙයවන ලද්දේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා විසිනි.

මේ අවස්ථාව සඳහා කෝට්ටේ මහා නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි මැතිතුමා, මෙම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා රාජගිරිය මධ්‍ය පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

IMG 5879IMG 5880IMG 5908IMG 5909IMG 5919IMG 5930IMG 5948