සිංහල

gov

පාසල් දරු දැරියන් තුළ පොත් පත් කියවීමේ රුචිය වර්ධනය කරවීමේ හා සාහිත්‍ය රසවින්දනයට යොමු කරවීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු කියවීමේ කඳවුරක් හා ජංගම පුස්තකාල සේවාවක් 2022-08-16 වැනි දින රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේදී පැවැත්විණි.

රාජගිරිය මධ්‍ය පුස්තකාලය විසින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව මෙහෙයවන ලද්දේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා විසිනි.

මේ අවස්ථාව සඳහා කෝට්ටේ මහා නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රීවරුන් වන ඩෙන්සිල් පද්මසිරි හා හෙන්රි පෙරේරා යන මහත්වරුන්, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා, විද්‍යාලයීය පුස්තකාලය භාර ආචාර්යතුමිය හා රාජගිරිය මධ්‍ය පුස්තකාල කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

FotoJetFotoJet 1

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරුණු ‘පරිසර පොළක්’ 2022 ජූනි 02 වැනි දින නුගේගොඩ කට්ටිය හන්දිය මාතෘ හා ළමා සායනය අසලදී හා ජූනි 05 වැනි දින රාජගිරිය ඔබේසේකරපුර චන්ද්‍රා සිල්වා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල හා සේවා ස්ථානවල භාවිතයෙන් ඉවතලන පොලිතීන්, වීදුරු, පොල්කටු, ටින්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, පොත්, පත්තර, කාඩ්බෝඩ්, විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම පොළ වෙත භාර දෙන අයට මුදලක් ලබාදීම සිදුවිය.

මෙය කෝට්ටේ මහා නගර සභාව මගින් ඩෙංගු රෝගය මර්දනය කිරීම උදෙසා ක්‍රියාවට නංවන සමාජ මෙහෙවරකි.

FotoJetFotoJet 1

නුගේගොඩ මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් 2022-04-28 වැනි දින එම පුස්තකාලයේදී පැවැත්විණි. මෙය නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්.එස්.එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි. මෙයින් රැස්කරගත් රුධිරය මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කෙරිණි.

මෙහිදී විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කළ අතර ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිසක් ද දායක වීම විශේෂත්වයකි.

මේ අවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මැතිතුමා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස් ආර්.ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය, සහකාර නාගරික ලේකම් නිල්මිණී රාවණාඇල්ල මහත්මිය හා කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

123

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව එක්ව නොමිලේ පැවැත්වු පශු වෛද්‍ය සායනය 2022-04-28 වන දින නගර සභා භුමියේදි පැවැත්විණි.

12

පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් සපයමින් ඔවුන් වෙත කෝට්ටේ මහා නගර සභාව විසින් පාසල් අභ්‍යාස පොත් නොමිලේ ලබාදීම 2022-04-02 වැනි දින කෝට්ටේ ගරු නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී බණ්ඩාරනායකපුර උත්සව ශාලාව‚ මොරගස්මුල්ල කියවීම් ශාලාව, නාවල වැඩ ඒකකය, ඔබේසේකරපුර, පිටකෝට්ටේ, මාලිගාව පාර, චැපල් පාර, ගංගොඩවිල කොට්ඨාස කාර්යාලවලදී අභ්‍යාස පොත් බෙදාදීම සිදුකෙරිණි.

poth bedadeema 2022 copy