සිංහල

gov

කෝට්ටේ මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධව ඩෙංගු මදුරු කීට පරීක්ෂාවේ නිරත වන සේවක පිරිස වෙනුවෙන් නව නිල ඇඳුම් ප්‍රදානයක් සහ ඔවුන්ගේ සේවය ඇගයෙමින් තිළිණ ප්‍රදානයක් 2022-01-03 වැනි දින ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා විසින් සිදුකෙරිණි.

නගරාධිපති කාර්යාලයේදී පැවැත්වුණු මේ කටයුත්ත වෙනුවෙන් ගරු නාගරික මන්ත්‍රී ප්‍රසන්න රවින්ද්‍රලාල් මහතා, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන මලින්ද ජයවර්ධන මහතා හා ඩී. බී. මාඋස්සාව මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

dengue team gift copy

කෝට්ටේ පුරවරයට නවෝදයක් උදාකරවූ, කෝට්ටේ මහා නගර සභාවේ හිටපු ප්‍රථම පුරපති නීතිඥ චන්ද්‍රා සිල්වා මැතිතුමාගේ 18 වැනි ගුණ සමරු උත්සවය 2021. 12. 26 වැනි දින රාජගිරිය පැරකුම්බා සාම උයනේ ස්ථාපිත එතුමාගේ පිළිරුව අභියසදී පැවැත්විණි.

මේ අවස්ථාව වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා හා සුසිල් ප්‍රේමජයන්ත යන ගරු අමාත්‍යවරුන් ද, කෝට්ටේ හිටපු නගරාධිපති හා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ  මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රීවරුන්, හිටපු නගරාධිපති චන්ද්‍රා සිල්වා මැතිණිය, හිටපු නාගරික මන්ත්‍රී ධනුෂ්ක සිල්වා මහතා, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය ප්‍රමුඛ මහා නගර සභා නිලධාරීන් හා කාර් ය මණ්ඩලය එක්වූහ.

CHANDRA SILVA CERAMONY 26 12 2021 copy

ශ්‍රී ලංකාවේ ප්‍රථම නාගරික ශරීර සුවතා මධ්‍යස්ථානය 2021-12-13 වැනිදා ජනතා අයිතියට පැවරිණි. රාජගිරිය, ඔබේසේකරපුර හැටේවත්තේ පිහිටුවා ඇති මේ මධ්‍යස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව හා සෞඛ්‍ය අමාත්‍යංශය ඒ්කාබද්ධව ස්ථාපනය කර තිබේ.

මේ අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි. වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රිී ප්‍රභාද් තුෂාර මැතිතුමා, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු මහතා, වතු හා නාගරික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

නිරෝගීමත් පරපුරක් බිහිකිරීමේ රාජ්‍ය වැඩපිළිවෙල යටතේ පිහිටුවා ඇති මේ ආයතනයෙන් බෝනොවන රෝග කලින් හඳුනාගැනීම, නාගරික ජනතාව අතර බහුලව පවතින මන්දපෝෂණය, අධිපෝෂණය වැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා උපදෙස් ලබාදීම ඇතුලු නිරීක්ෂණාත්මක හා උපදේශාත්මක සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරේ.‌‌‌‌

IMG 1061

පුරා වසර 40 කට ආසන්න කාලයක් තුළ කෝට්ටේ මහා නගර සභාවේ උන්නතිය උදෙසා සේවය කැප කළ වැඩ සුපරීක්ෂකවරයෙකු වූ වයි.එල් නිමල්සිරි මහතා පසුගියදා සේවයෙන් විශ්‍රාම ලැබුවේය. ඒ මහතාගන් ඉටුවූ මෙහෙවර අගය කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු උපහාර උළෙලක් 2021-12-10 වැනි දින මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ අවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  කෝට්ටේ හිටපු නගරාධිපති නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි.එම්.වී. ශාන්ත ප්‍රේමලාල් මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරාල මැතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අංශ ප්‍රධානීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

කෝට්ටේ මහා නගර සභාව වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ වයි.එල්. නිමලසිරි මහතාට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු.

YL

සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව, “වැඩකරන රටක්, ඵලදායි පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක්” යන සංකල්පය මත ආරම්භ කෙරෙන බතික් පුහුණු මධ්‍යස්ථාන 160 වැඩසටහන යටතේ ස්ථාපනය කරන ලද බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානයක් 2021-11-09 වැනි දින රාජගිරිය ඔබේසේකරපුර ඇසළ උයනේදී විවෘත කෙරිණි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් මේ ආයතනය ජනතා අයිතියට පැවරිණි.

මේ අවස්ථාව සඳහා බතික් කර්මාන්ත ගරු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ප්‍රභාද් තුෂාර මැතිතුමා හා නාගරික කොමසාරිස් ශාලිකා එස්. රණවීර මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

IMG 0127IMG 0128