සිංහල

gov

කෝට්ටේ මහා නගර සභාව මඟින් ඔබේසේකරපුර බහුකාර්ය ගොඩනැගිල්ලේ ස්ථාපනය කරන ලද කියවීම් ශාලාව, අධ්‍යාපන මධ්‍යස්ථානය හා පරිගණක මධ්‍යස්ථානය 2021-11-08 වැනි දින ජනතා අයිතියට පැවරිණි.

එම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි.එම්.වී. ශාන්ත ප්‍රේමලාල් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රී ප්‍රභාද් තුෂාර මැතිතුමා, නාගරික කොමසාරිස් ආර්.ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය හා කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනවිරත්න මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

kiyaweem shalawa opening 08 11 21 copy

කෝට්ටේ මහා නගර සභාවේ නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව, JUSTICE FOR ANIMALS සත්ව සුබසාධන ආයතනය සමගින් ඒකාබද්ධව ජලභීතිකා රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් නිදැල්ලේ යන සුනඛයින් සහ ගෘහස්ථ සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීම සහ ජලභීතිකා රෝගය වැළැක්වීමේ එන්නත්කරණ වැඩසටහන් මාලාවක් පැවැත්විණි.

මේ වැඩසටහන් මාලාව යටතේ 2021 නොවැම්බර් 01 වන දින ඔබේසේකරපුර ‍ප්‍රජාශාලාවේදීද, නොවැම්බර් 02 වන දින කෝට්ටේ මහා නගර සභා භුමියේදීද, නොවැම්බර් 03 වන දින බන්ඩාරණායකපුර ප්‍රජාශාලාවේදීද, නොවැම්බර් 04 වන දින  බැද්දගාන පුස්තකාලයේදීද, නොවැම්බර් 05 වන දින නුගේගොඩ චැපල් මාවතේ කොට්ඨාස කාර්යාලයේදීද පැවැත්විණි.

 

IMG 0051IMG 0053IMG 0058IMG 0093IMG 0100IMG 0107

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් අනතුරුව කෝට්ටේ මහා නගර සභාවේ රාජකාරි කටයුතු 2021 අප්‍රේල් 19 වැනි දින ආරම්භ විය. එදින ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා මහා නගර සභා කාර්ය මණ්ඩලය හමුවී ඔවුන් වෙත තම ශුභාශිංසනය පුදකළේය. නගරාධිපති කාර්යාලයේ පැවති මේ අවස්ථාව සඳහා නාගරික කොමසාරිස් පී. එල්. එම්. චතුරංග මහතා ඇතුලු මහා නගර සභාවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් එක්වූහ.

IMG 4129IMG 4130IMG 4151IMG 4165

පසුගිය දිනවලදී ඇදහැලුනු මහා වැසි හේතුවෙන් ඇතිවූ ජල ගැල්මෙන් විපතට පත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දක්වන සහයක් ලෙස උදෑසන ආහාර වේලක් ලබාදීමට කෝට්ටේ මහා නගර සභාව විසින් පියවර ගන්නා ලදී. විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා එම සහන ද්‍රව්‍ය ඒ ඒ කොට්ඨාශය භාර මන්ත්‍රීවරුන් හට ලබාදුනි.

123456

ශ්‍රී ලංකාවේ පරිපාලන අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරවරයට බලපාන පාරිසරික ගැටලු, රථවාහන තදබදය අවම කරගැනීම හා නගර අලංකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2021 අප්‍රේල් 08 වැනි දින කෝට්ටේ මහා නගර සභාවේදී පැවැත්විණි.

මේ සාකච්ඡාව සඳහා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මැතිතුමා, කෝට්ටේ ගරු නගරාධිපති අයි. එම්. වී. ප්‍රේමලාල් මැතිතුමා, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, කෝට්ටේ නාගරික කොමසාරිස් පී. එල්. එම්. චතුරංග මහතා, කෝට්ටේ ප්‍රධාන නාගරික  සෞඛ්‍ය වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා, බස්නාහිර පළාත භාර ‌ජේ‍ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

IMG 4031 CopyIMG 4009IMG 4041IMG 4052IMG 4055