කර්මාන්ත අංශය
අපගේ නගර සභා පුරවරය තුල ඵලදායී ව්‍යාපෘති දියත් කිරීමෙන් ජනතාවට ආරක්ෂිත හා සුවපහසුකම් සහිත පරිසරයක් ගොඩනංවාලීම මෙන්ම අප බල ප්‍රදේශයේ යටිතල පහසුකම් නගා සිටුවා වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සලසා දීම අපගේ අරමුණ වේ.
මහජන උපයෝගීතා අංශය
පුරවැසි අවශ්‍යතා වෙනුවෙන් රඟහල්, උත්සව ශාලා, ක්‍රීඩාංගණ වෙන්කරවා ගැනීම මෙන්ම සමාජ සුබසාධන සේවා සම්පාදනය තුළින් තෘප්තිමත් මහජන සේවාවක් සැලසීම අපගේ අරමුණය.
පුස්තකාල සේවාව
පුරවැසියන් තුළ පවත්නා පුවත් දැන ගැනීමේ අවශ්‍යතාවය සපුරාලීමත්, කියවීමේ රැචිය වර්ධනය කරවාලීමත්, පාඨකයන් තුළ සාහිත්‍ය රසාස්වාදයවඩවාලීම අරමුණු කොටගෙන පුස්තකාල සේවාව පවත්වාගෙන යනු ලැබේ.
වරිපනනම් අංශය
නගර සීමාව තුල පිහිටි දේපල තක්සේරු කර අදාල දේපල සඳහා වරිපනම් අංක ලබා දීමත්, වරිපනම් ගාස්තු නියම කිරීම හා ඒ හා සම්බන්ධව සියලු ලේඛණ පවත්වාගෙන යාම ප්රමුඛ වේ.
මිශ්‍ර ආදයම් අංශය
කර්මාන්ත බදු හා වෙළඳ බදු අයකර ගැනීම, වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම, පුචාරක දැන්වීම් පුවරු සඳහා ගාස්තු අයකර ගැනීම, මහ නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ වල බදු කුලී අයකර ගැනිම ඇතුළු මහ නගර සභාවට ලැබෙන ආදායම් සම්බන්ධව කටයුතු කිරීම මේ අංශයේ කාර්ය භාරයයි.
සෞඛ්‍ය අංශය
ඵෙතිහාසික කෝට්ටේ මහ නගර සභාවේ දායකත්වයෙන් නාගරික ජනතාවගේ හා පිටතින් පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය පැතිරීම වැලැක්වීම නිසි අවවාද හා සෞඛ්‍ය පියවර මගින් ජනතාව සැහැල්ලුවෙන් සහ සෞඛ්‍ය සම්පන්නව සිටිම සඳහා මාතෘ ගැටළු, ළමා පෝෂණය හා රෝග නිවාරණය, හදිසි වෛද්‍ය කටයුතු බොවන සහ බෝ නොවන රෝග පරික්ෂාව, පැතිරීම වැලැක්වීම, පසු පරික්ෂාව ඩෙංගු රෝගීන් පැය 24 ක් තුළ හඳුනා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම සහ හදිසි දන්ත රෝග, වෙනත් දන්ත රෝග ප්‍රතිකාර කිරීම ඇතුළු සියළුම වෛද්‍ය කටයුතු මනා කාර්යක්ෂමතාවයකින් සහ අවබෝධයකින් සපුරාලීමට මා හට අවස්ථාව උදාවීම මා සතු භාග්‍යක් කොට සලකමි.
ගිනි නිවිම් හා ජිවිතාරක්ෂක ඒකකය
බදු ගෙවන ජනතාවගේ ජිවිත වල හා දේපළවල රැකවරණය තහවුරු කිරීම පළාත් පාලන ආයතයක් තව මුලික වගකීමක් ලෙස සලකයි. ඒ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති අප ගිනි කිවීම් හා ජිවිතාරක්ෂක ඒකකය පුරවරයට මෙන්ම ඊට තදාසන්න ප්‍රදේශයන් උදෙසාද තම සේවාව සැපයීමට විසිහතර පැය පුරාම කැපවී සිටියි.
සැලසුම් අංශය
මහ නගර සභාව සීමාව තුළ ඉදිකෙරෙන ගොඩනැගිලි වල සැලසුම් අනුමත කිරීම, ඉඩම් කට්ටි කිරීම, ඉඩම් කැබලි එකතු කිරීම, ගොඩනැගිලි සඳහා අවශ්‍ය වන සහතික සහ ලියවිලි නිකුත් කිරීම, අනවසර ඉදි කිරිම් සම්බන්ධව සොයා බැලිම තුළින් පුරවැසියන් වෙත සේවා සැලසීම අප අංශයේ කටයුතු අතර වේ.
පශු වෛද්‍ය අංශය
ඵෙතිහාසික කෝට්ටේ මහ නගර සභාවේ දායකත්වයෙන් නාගරික ජනතාවගේ යහපත උදෙසා අයාලේ යන සුනඛයින් පාලනය කිරීම හා සුනඛයින් ලියාපදිංචි කිරීම තුළින් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් තොර වු පරිසරයත්, ගෘහස්ත සතුන් මඟින් ජනතාවට බෝවිය හැකි රෝග පිළිඳව උපදෙස් ලබා දීම, ඝෝගාතක ආඥා පනත යටතේ ක්රීයා කිරීම, මස් වෙළඳාම් කරන සිදු කරන ස්ථාන නිරන්තර පරීක්ෂාවන් මඟින් නිරෝගී සම්පන්න හා සෞඛ්යාරක්ෂිත අග නගරයක් නිර්මාණය කිරීමට දායක වීම අපගේ මුලික අරමුණ වන්නේය.
නීති අංශය
නීති දෙපාර්තමේන්තුව වෙතින් දෛනිකව සිදුවෙනු ලබන රාජකාරී,
- මහා නගර සභාවට එරෙහිව පවරනු ලබන නඩු කටයුතු සඳහා මහා නගර සභාව වෙනුවෙන් පෙනී සිටීම.
- මහා නගර සභා ආඥා පනත, සම්මත අතුරු ව්‍යවස්ථා සහ වෙනත් ආනුශාංගික නීති යටතේ බාහිර පාර්ශවයන්ට එරෙහිව නඩු පැවරීම, මහා නගර සභාව වෙනුවෙන් ඒ සඳහා පෙනී සටීම සහ පවත්වාගෙන යාම.
- පහත සඳහන් වෙනත් නෛතික ආයතන වෙත මහා නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් වීම සහ වාර්තා ඉදිරිපත් කිරීම.
- මානව හිමිකම් කොමිෂන් සභාව
- අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
- බේරුම්කරණය
- මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
- පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව
- වෙනත් රාජ්‍ය ආයතන
- මහා නගර සභාවේ දෙපාර්තමේන්තු සහ අංශ සඳහා අවශ්‍ය වන නීති උපදෙස් ලබා දීම.
- මහා නගර සභාව සතු දේපල සඳහා අයිතිවාසිකම් තහවුරු වන නෛතික ලේඛන ලබා ගැනීම සහ පවත්වාගෙන යාම.
- මහා නගර සභාව වෙනුවෙන් එළඹීම සඳහා ගිවිසුම් කෙටුම්පත් කිරීම සහ ඒ සම්බන්ධ ගැටළු වෙනුවෙන් ඉදිරිපත් වීම.
- අනවසර ඉදිකිරීම් වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සහ ඒ සඳහා නාගරික සංවර්ධන අධීකාරි පනත මඟින් මහා නගර සභාව වෙත පවරා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීම.
නීති දෙපාර්තමේන්තුව වෙතින් ඉටුකරනු ලබන සේවාවන් ,
- නීති දෙපාර්තමේන්තුව කෝට්ටේ මහා නගර සභා බල ප්‍රදේශයේ බදු ගෙවන ජනතාව වෙත සතියේ දිනවලදී පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා විවෘතව පවතී.
- මහා නගර සභාවේ දෙපාර්තමේන්තු සහ අංශ වෙතින් නෛතික උපදෙස් පිණිස යොමු කර ඇති ලිපිගොනු සම්බන්ධව විමසීම සඳහා පැමිණෙනු ලබන සේවාලාභීන්ට සතියේ දිනවලදී ප.ව. 2.00න් පසු නීති නිලධාරී හමුවිය වී උපදෙස් සහ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ඇත.
- මහා නගර සභා දේපල වල දීර්ඝ කාලීන පදිංචිකරුවන් සඳහා ඔප්පු ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීම.
- තොරතුරු පනත යටතේ පොදු ජනතාව වෙත තොරතුරු ලබා දීම.